උදවු:සංස්කරණය - විකිපීඩියා
Jump to content
විකිපීඩියා වෙතින්
"Wikipedia:Editing" මෙතැනට යළියොමුවෙයි. the editing policy සඳහා,
Wikipedia:Editing policy
බලන්න.
මෙම උදවු පිටුව
කෙලෙසද-මාර්ගෝපදේශනයකි
මෙය විකිපීඩියාවේ ප්‍රතිමාන සහ ක්‍රියාමාර්ගවල සමහර ලක්ෂණ විස්තර කරයි. එය
විකිපීඩියාවේ ප්‍රතිපත්ති සහ මාර්ගෝපදේශන
අතුරින් එකක් නොවේ, and may reflect varying levels of
consensus
and
vetting
. මෙම පිටුව තුල කිසිවක් අසංගත නම් එම ප්‍රතිපත්ති සහ මාර්ගෝපදේශන වෙත යොමු වන්න
කෙටි මං
WP:H2EAP
WP:HEP
WP:HOW
මේවාත් බලන්න:
විකිපීඩියා:හැඳින්වීම
විකිපීඩියා:නිබන්ධනය
විකිපීඩියා:ලිපියක් ඇරඹුම
, සහ
විකිපීඩියා:රචනාකරණයේ අත්පොත
විකිපීඩියා සංස්කරණය ඉගෙනගන්න...
විකිපීඩියා
යනු
විකියක්
වන අතර, එයින් ගම්‍ය වන්නේ
ආරක්ෂණය නොකල ඕනෑම පිටුවක්
ඕනෑම අයෙකු හට
සංස්කරණය
කිරීමට හැකිවීම සහ සමස්ත පාඨක සමූහයේ ප්‍රයෝජනය සලසමින් සැණෙකින් ලිපි දියුණු කිරීමට හැකිවීමයි. ඔබ විසින් මෙය සිදු කිරීම සඳහා ලියාපදිංචිවීම අවශ්‍ය නොවේ. සංස්කරණයක් සිදුකල ඕනෑම අයෙක් හැඳින්වෙන්නේ "
විකිපීඩියානුවෙක්
" ලෙසින් වන අතර, සිදුකල සංස්කරණය කෙතරම් සුළු අයුරින් පෙනුනත්, විකිපීඩියාව දැනට පවතින තත්ත්වයට ගෙන ඒමට දායක වීමට හැකි වීම ගැන ඔහුට හෝ ඇයට හෝ ආඩම්බර විය හැක. මෙම සියළු සංස්කරණයන් සමස්ත ප්‍රතිඵලයට මහෝපකාරී වෙත්!
කෙසේනමුත්, සමහර පිටු
සංස්කරණය වාරණය කර තිබේ
. මෙම පිටු සතුව
"සංස්කරණය"
ටැබය වෙනුවට
"මූලාශ්‍රය නරඹන්න"
ටැබය පවතියි. නමුත් ඔබට වක්‍ර ලෙස මෙම පිටු සංස්කරණය සඳහා දායක විය හැකිය, එනම් "
සංස්කරණ ඉල්ලීමක්
" සිදුකිරීම මගින් — ආරක්ෂිත පිටු සංස්කරණය සඳහා බලතල සහිත සංස්කාරකවරයෙක් ඔබට සහය දක්වනු ඇති.
සටහන
: ඔබට
විකිපීඩියා:වැලිපිල්ල
භාවිතා කරමින් සංස්කරණ අත්හදා බැලීම් සිදුකිරීමට හැකිය.
සංස්කරණය කිරීම
බොහොමයක් විකිපීඩියා පිටු සංස්කරණය කිරීමට පහසුය. ඒ සඳහා ඉහළ ඇති
සංස්කරණය
ටැබය මත (හෝ
ඡේද-සංස්කරණ-ඈඳුම
මත ) ක්ලික් කිරීම මගින් වත්මන් පිටුවෙහි සංස්කරණ කටයුතු සිදුකරගත හැකි පරිදි, ඒ සඳහා අවැසි මෙවලම් සහිතව නව පිටුව විවෘත වේ.
සංස්කරණය ටැබය දිස්වන අයුරු
ඡේද-සංස්කරණ-ඈඳුම දිස්වන අයුරු
සංස්කරණ කවුළුව තුල මෙම පිටුවට අදාල
විකි මාර්ක්අප්
පෙන්නුම් කරයි. ඔබට 2වන මට්ටමේ ශීර්ෂයට අදාල හා තද පැහැති අකුරු පෙළ සඳහා අදාල මාර්ක්අප් දැකගත හැකිවේ.
මෙම කවුළුව මගින්, ඔබට ලිපියකට එක් කිරීමට අවැසි අකුරු පෙළ යතුරුලියනය, එමෙන්ම අකුරු හැඩතල, පින්තූර, වගු වැනි ආකෘති හැඩතල ගැන්වුම්
විකි මාර්ක්අප්
සහය තුලින් සිදු කරගත හැකිය.කවුළුව ඉහළින්ම ඇති
මෙවලම් තීරුව
මේ සඳහා උපයෝගී කරගැන්ම පහසු වේ. විකී මාර්ක්අප්
සංක්ෂිප්ත සංස්කරණ උපදෙස්
මාලාව සංස්කරණ කවුළුව පහළින් ඇති ‘පිටුව සුරකින්න’ බොත්තම අසල ඇති ‘සංස්කරණ උදවු’ ඈඳුම මත ක්ලික් කිරීමෙන් නව කවුළුවක විවෘත කරගත හැක.
විශේෂ අවස්ථාවක හැරුණුවිට කිසිවිටෙකත් ඡේද වෙන් කිරීම සඳහා පෙළක ඉදිරියෙන් හිස් ඉඩ නොතබන්න.ඡේද වෙන් කිරීම හිස් පෙළක් එක් කිරීම මගින් සිදුකල හැකිය.
ඔබගේ සංස්කරණය අවසානයේ සෑම විටම ඔබ විසින් සිදු කරන ලද වෙනස්කම් කිමෙක්ද යන්න
සාරාංශ විස්තරය
මගින් දැක්වෙන ලෙසට, කෙටි සටහන් ඇසුරෙන්, සංස්කරණ කවුළුවට පහළින්, ඒ සඳහා වෙන් කරන ලද කුඩා
සාරාංශය
කවුළුව තුළ සටහන් කරන්න. සිදුකල සංස්කරණ විකීපීඩියාවට එක්කල පසු දැක්වෙන අයුරු දැනගැන්මට
පෙරදසුන පෙන්වන්න
බොත්තම ඔබන්න, වත්මන් හා පෙර සංස්කරයෙහි වෙනස්කම් සැසඳීමට
වෙනස්කිරීම් පෙන්වන්න
බොත්තම ඔබන්න, මෙමගින් ඔබ සෑහීමකට පත්වේනම්
නිර්භීතව
පිටුව සුරකින්න
බොත්තම ඔබන්න. සැණෙකින් ඔබගේ වෙනස්කිරීම් විකිපීඩියා පරිශීලකයින් හට දර්ශනය වනු ඇති.
සාරාංශය:
මෙය සුළු සංස්කරණයකි
මෙම පිටුව මුර කරන්න
පිටුව සුරකින්න
පෙරදසුන පෙන්වන්න
වෙනස්කිරීම් පෙන්වන්න
අවලංගු කරන්න |
සංස්කරණයට උදවු
(නව කවුළුවක විවෘතවේ)
සටහන: කිසිවිටෙකත් ~~~~ යෙදීම මගින් සාරාංශ කවුළුව තුල අත්සන් නොතබන්න, මන්ද මෙය එම කවුළුව තුළ ක්‍රියාත්මක නොවන බැවිනි.
විකිපීඩියා භාවිතය සියල්ලන්ටම පහසු කරනු වස්, විකිපීඩියා ප්‍රජාව විසින් සංවර්ධනය කරන ලද
රචනාකරනයේ අත්පොත
මගින් ලිපි සහ අඩංගු අනෙකුත් කරුණු ප්‍රකාශ කිරීම ප්‍රමිතිගත කර තිබේ.
ඔබ යම් තොරතුරක් පිටුවකට එක්කරන් ලද්දේනම්,
කරුණාකර මූලාශ්‍ර සපයන්න
, මන්ද යත්
මූලාශ්‍ර රහිත සත්‍යෝක්ෂ්‍යනය කළ නොහැකි කරුණු මකාදැමුමට ලක්වන බැවිනි
සාකච්ඡා පිටු
වැඩිදුර තොරතුරු: [[:
උදවු:Using talk pages
විකිපීඩියා:Talk page guidelines
]]
සාකච්ඡා පිටු
ද සාමාන්‍ය විකිපීඩියා ලිපියක් මෙනි. මෙහි "මාතෘකාව එක්කරන්න" ටැබය මගින් නව ඡේදයක් එක් කිරීමට හැකියාව පවතියි. එමෙන්ම "සංස්කරණය" ටැබය මගින් සම්පූර්ණ පිටුවම සංස්කරණය සිදුකිරීමට හැකිය.
සුළු සංස්කරණ
වැඩිදුර තොරතුරු: [[:
උදවු:සුළු සංස්කරණ
]]
මෙය සුළු සංස්කරණයකි
ඉදිරියෙන් හරි ලකුණ දැමීම මගින්, සංස්කරණය මගින් සිදුකරනු ලැබූවේ මතුපිට වෙනස්කම් පමණක් බවත් එම සංස්කරණ සඳහා ගුණදොස් විවේචනයක්, තර්ක කිරීම් අවැසි නොවන වගත්ය. එනම් යතුරුලියන අතපසුවීම් සැකසීම්, හැඩතල, ප්‍රදර්ශන කරන අයුරු වෙනස් කිරීම්, වාක්‍ය පවතින අයුරු, අදහස වෙනස් නොකර සිදුකරන වෙනස්කම් කිරීම් සහ වෙනත් එවැනි සංස්කරණයන්ය. මෙම විකල්පය මෙන්ම තවත්
අමතර විකල්ප
භාවිතා කිරීමට හැකියාව පවත්න්නේ විකිපීඩියා
ලියාපදිංචි පරිශීලකයන්
හට පමණි.
ප්‍රධාන සංස්කරණ
වැඩිදුර තොරතුරු:
විකිපීඩියා:Editing policy § Talking and editing
සියලුම සංස්කාරකවරුන් හට
නිර්භීත වීමට
දිරිගන්වයි, නමුදු යම් සිදුකරන ප්‍රධාන සංස්කරණයක් මතභේදයන්ටන්ට ලක් නොවීමට එම සංස්කරණයට පෙරාතුව යම් යම් කරුණු සැළකිය යුතුවේ.එනම්, පරිශිලකයා විසින් ලිපියෙහි සාකච්ඡා පිටුවෙහිදී එබැව් දන්වා එහිදී සිදුවන යෝජනා හා සංස්කරණයන් සළකාබැලිය යුතුවේ. සංස්කරණය සඳහා කාලය ගතවේනම් එබැව් ලිපියට
{{
In use
}}
ටැගය දැමීම මගින් සම සංස්කරණයන් සිදුවීමේ ගැටුම් සම්භාවිතාවය වළකාගත හැකිය.සංස්කරණයක් සිදුකිරීමෙන් අනතුරුව, සිදුකරන ලද වෙනස්කම්හි කෙටි
සාරාංශයක්
එකතුකිරීම ලිපියෙහි සංස්කරණ ඉතිහාසය ගොඩනැංවීමට උපකාරී වේ.මෙම පියවරයන් පිළිපැදීම මගින් විකිපීඩියා ප්‍රජාව ප්‍රධාන සංස්කරණයන් පිළිබඳව දැනුවත්වීම සිදුවේ.
සිදුකරන ඕනෑම සංස්කරණයක් ලිපියෙහි අරුතට විශාල බලපෑමක් (සුළු නොවන) සිදුකරන්නෙහි නම් එය ප්‍රධාන සංස්කරණයකි, එය සමහරවිට තනි වචනයක් විය හැකිය. එමනිසා ප්‍රධාන සංස්කරණයක් අනිවාර්යෙන්ම ලිපියට අදාලත්වයක් දක්වන සියලු සංස්කාරක වරුන් අතර සමාලෝචනයට ලක්වීමෙන් අනතුරුව ඒකමතිකව අනුමත විය යුතුවේ.
ප්‍රධාන සංස්කරණයක් සිදුකිරීම සඳහා එකඟ විය යුතු කොන්දේසි නොමැත, නමුත් ඉහල සඳහන් කරුණු පිළිපැදීම ප්‍රතිපත්තිගරුක වේ. ඔබ, ඔබගේ මතයට කටයුතු කළහොත්, ඔබගේ සංස්කරණය නැවතත් සංස්කරණයට ලක්වීමේ සම්භාවිතාව ඉහල විය හැක.
ඔබ විසින් දීර්ඝ ලෙස සංස්කරණයක් සිදුකරන්නෙහි නම්, වරින් වර 'පිටුව සුරකින්න' එබීමට මත්තෙන්, ඔබගේ සංස්කරණයන් බාහිර පාඨ සංස්කාරකයකට ( හැඩකරණයන් රහිත
නෝට්පෑඩ්
වැන්නක් වඩාත් සුදුසු වේ) පිටපත් කරගැන්ම උචිත වේ. මෙමගින් හදිසියේ සිදුවන සෙවුම් යන්ත්‍ර අක්‍රිය වීම් නිසා සිදුවන පාඩුව මඟහරවාගත හැකිවේ. එමෙන්ම ප්‍රමාණවත් එකතුකිරීමක් සිදුවු විට එය විකිපීඩියාවට එක්කිරීම උචිත වේ.
"මූලාශ්‍රය නරඹන්න" – ආරක්ෂිත පිටු
සමහර පිටු
සංස්කරණය වාරණය කර තිබේ
. මෙම පිටු සතුව
"සංස්කරණය"
ටැබය වෙනුවට
"මූලාශ්‍රය නරඹන්න"
ටැබය පවතියි. නමුත් ඔබට වක්‍ර ලෙස මෙම පිටු සංස්කරණය සඳහා දායක විය හැකිය, එනම් "
සංස්කරණ ඉල්ලීමක්
" සිදුකිරීම මගින් — ආරක්ෂිත පිටු සංස්කරණය සඳහා බලතල සහිත සංස්කාරකවරයෙක් ඔබට සහය දක්වනු ඇති.
මූලාශ්‍ර එක්කිරීම
මේවාත් බලන්න:
විකිපීඩියා:මූලාශ්‍ර එක්කිරීම - නවකයින් සඳහා
මුලාශ්‍ර, නිවැරදි ආකෘතියෙන් යුතුව පහසුවෙන් හා ඉක්මනින් එක්කිරීම සඳහා
මෙවලමක්
සංස්කරණ කවුළුවෙහි ඉහලින් දැකගත හැකිවේ. මෙමගින්
PMID
හෝ
ISBN
වැනි එක් දත්තයක් පමණක් ලබාදීමෙන් අනෙකුත් දත්තයන් ලබාගැනීමට හැකියාව පවතියි.
Wiki markup
ප්‍රධාන පිටුව:
Help:Wiki markup
Wiki markup යනු ඔබ විසින් සංස්කරණ කවුලුවෙහිදි එකතු කරන (දර්ශණය වන පාඨ වලට අමතරව) අමතර තොරතුරු වේ. මෙමගින්
MediaWiki
මෘදුකාගය සඳහා, අදාල ලිපියෙහි දර්ශණය වීම්, ප්‍රවර්ග ගත කිරීම් සහ ලිපිය සැකසීමට අදාල විධානයන් සපයනු ලබයි.
විකී පිටු සංස්කරණයට අදාල තවත් තොරතුරු
ඇරඹුම
ලිපියක් ලිවීම ඇරඹුම
ප්‍රතිපත්ති සහ සම්මුතිය
ඔබ විසින් විකියට එකතු කරනු ලබන තොරතුරුවල අදාලත්වය පිළිබඳව සැළකිලිමත් වන්න, නැතහොත් ඔබගේ එකතුකිරීම් මකාදැමුමට ලක්වේ. අර්බුදකාරී අවස්ථාවක සෑම විටම
සාකච්ඡා පිටු
භාවිතා කිරීම මගින් ඔබගේ ප්‍රශ්ණයක් යොමු කිරීම හෝ ඔබගේ අදහස පිළිගන්නෙහිද යන්න තහවුරු කරගත හැකි වේ.
කරුණාකර ඔබගේ දායකත්වය ආවරණය වන බලපත්‍රය පිළිබඳව දැනගන්න.
ප්‍රතිපත්ති සහ මාර්ගෝපදේශන
ප්‍රයෝජනවත් උපදෙස්
විකිපීඩියාවට දායකවීම
නිති විමසන පැණ/සංස්කරණය
සංක්‍ෂේපසහාය
ඔබට දිගු ලිපියක් සංස්කරණයේ ගැටලු පවතින්නෙහි නම්
ලිපිය සංස්කරණය වාරණය කර තිබීම
පිටු ඉතිහාසය
සිංහල අකුරු මාර්ගෝපදේශකය
නාමකරණය හා ගෙන යාම
පිටුවක් ගෙනයාම
ලිපි නම්
නාමාවකාශ
රචනය හා සැලැස්ම
සැලැස්ම
රචනාකරණයේ අත්පොත
Annotated article
මෙවලම්
සංස්කරණ මෙවලම් ආධාරය
මේවාත් බලන්න
Meta
විසින් සබැඳි විස්තර පහත තැනෙහි පවත්වා ගෙන යනු ලැබේ:
සංස්කරණය
WikiProjects
, ඔබ ලියන ලිපිය යම් කිසි මාතෘකා සමුහයකට අදාලව නම්, මෙහි පළමුව බලන්න!.
Wikimedia Bookshelf
, අධ්‍යයනය කරුණු, වීඩියෝ සහ නිබන්ධන.
Leave feedback to help us improve this page
" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
ප්‍රවර්ග
විකිපීඩියා කෙලෙසද
විකිපීඩියා මූලික තොරතුරු
Wikipedia editing
සැඟවුණු ප්‍රවර්ගය:
විකිපීඩියා අර්ධ-ආරක්ෂිත ව්‍යාපෘති පිටු
උදවු
සංස්කරණය
මාතෘකාවක් එක්කරන්න
US